Home අද ඡන්දයට සහය ඉල්ලා අනුර ජම්ඉයියතුල් උලමාවරු හමුවේ.!

ඡන්දයට සහය ඉල්ලා අනුර ජම්ඉයියතුල් උලමාවරු හමුවේ.!

835
0

එළැඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාවගේ සහාය ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ නායකවරුන් හමුවී තිබේ.

ඒ අනුව ඔහු අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සංවිධානයේ ප්‍රධානී  අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි,   අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමා හමුවී සාකච්ඡා කර ඇත.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත් බව මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම්තුළ සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේගය මේවනවිට සියලු ආගමික නායකවරුන් හමුවෙමින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද ආශීර්වාද ලබාගනිමින් සිටියි.

May be an image of 2 people and text

May be an image of 6 people and text

May be an image of 15 people and text

May be an image of 4 people

 

Previous articleසංචාරක කර්මාන්තයට සුපිරි වාසියක් – ඔක්01 සිට ධනවත් රටවල් 35 ක පුරවැසියන්ට ලංකාවට වීසා නැතුව එන්න පුලුවන්
Next articleරට ගොඩනැඟීමට ජාතික ජන බලවේගයට කිසිදු වැඩපිළිවෙළක් නෑ කියමින් මාලිමාවේ ලොක්කෙක් රනිල්ට එක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here