Site icon Newshub

ඡන්දයට සහය ඉල්ලා අනුර ජම්ඉයියතුල් උලමාවරු හමුවේ.!

එළැඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාවගේ සහාය ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ නායකවරුන් හමුවී තිබේ.

ඒ අනුව ඔහු අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සංවිධානයේ ප්‍රධානී  අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි,   අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමා හමුවී සාකච්ඡා කර ඇත.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත් බව මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම්තුළ සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේගය මේවනවිට සියලු ආගමික නායකවරුන් හමුවෙමින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද ආශීර්වාද ලබාගනිමින් සිටියි.

 

Exit mobile version