Home අද සජිත්ට රට භාරගන්න එපා කිව්වේ හර්ෂ ද සිල්වා

සජිත්ට රට භාරගන්න එපා කිව්වේ හර්ෂ ද සිල්වා

1313
0

රට ආර්ථිකව කඩා වැටුන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට රට බාර ගැනීමෙන් වලකින ලෙස උපදෙස් ලබාදුන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල් මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රට කඩාවැටුන අවස්ථාවේ එය බාරගතහොත් රට පමණක් නොව පක්ෂයත් කඩාවැටෙන බවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දී රට බාරගැනීමෙන් වැලක්වූ බවත් එදා සජිත් ප්‍රේමදාස මහතා රට බාර ගත්තානම් අද ජනාධිපති ඒ මහතා බවද අනුප පැස්කුවෙල් මහතා කියා සිටියා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජී. ඇල්. පීරිස් මහතා මෙන්ම ප්‍රයෝගික දැනුමක් නැති පොතේපතේ දැනුම ඇති ය පමණක් බව ඒ මහතා සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට ආචාර්ය හර්ෂ ද සිල්වා සම්බන්ධයෙන් වටහාගෙන ඇති බැවින් මීට පෙර ඔහු දරු තනතුරට වෙනත් පුද්ගලයකු පත්කර ඇති බවද වැඩි දුරටත් අදහස් දක්වමින් අනුප පැස්කුවෙල් මහතා කියා සිටියා.

Previous articleඅනුර ආවා විතරයි වැස්ස පෑයුවා. තංගල්ලේ වහිනවා. ඉක්මනට යවමු එතකොට පායනවා – හරිනි අමරසූරිය
Next articleයාපනයේ ජනතාව සමඟ දිලිත් කේක් කපා බිළිඳියකගේ උපන්දිනය සැමරූ හැටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here