Site icon Newshub

සජිත්ට රට භාරගන්න එපා කිව්වේ හර්ෂ ද සිල්වා

රට ආර්ථිකව කඩා වැටුන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට රට බාර ගැනීමෙන් වලකින ලෙස උපදෙස් ලබාදුන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල් මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රට කඩාවැටුන අවස්ථාවේ එය බාරගතහොත් රට පමණක් නොව පක්ෂයත් කඩාවැටෙන බවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දී රට බාරගැනීමෙන් වැලක්වූ බවත් එදා සජිත් ප්‍රේමදාස මහතා රට බාර ගත්තානම් අද ජනාධිපති ඒ මහතා බවද අනුප පැස්කුවෙල් මහතා කියා සිටියා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජී. ඇල්. පීරිස් මහතා මෙන්ම ප්‍රයෝගික දැනුමක් නැති පොතේපතේ දැනුම ඇති ය පමණක් බව ඒ මහතා සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට ආචාර්ය හර්ෂ ද සිල්වා සම්බන්ධයෙන් වටහාගෙන ඇති බැවින් මීට පෙර ඔහු දරු තනතුරට වෙනත් පුද්ගලයකු පත්කර ඇති බවද වැඩි දුරටත් අදහස් දක්වමින් අනුප පැස්කුවෙල් මහතා කියා සිටියා.

Exit mobile version