Home අද සජිත්ගේ අඩුව පුරවන්නේ මම – හිරුණිකා

සජිත්ගේ අඩුව පුරවන්නේ මම – හිරුණිකා

811
0

සජිත් ප්‍රේමදාස මහතා ‍ජනාධිපති වූ පසුව තමාට පහසුවෙන්ම මන්ත්‍රීධුරයට පත්විය හැකි බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා තිබේ.
කොළඹ දිස්ත්‍රික්යේ සමගි ජනබලවේගයේ ලයිස්තුවේ මීලඟට සිටින පුද්ගලයා තමා බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගෙන් හිස්වන මන්ත්‍රීධුරය තමාට ලැබෙන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරතිබේ. ඊයේ(15දා) නාමයෝජනා භාරදෙන අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව අසල දී ඇය මේබව පවසා ඇත
“සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිඋනාම ලිස්ට් එකේ ඊලඟට ඉන්නේ මම. ඒ නිසා මම මන්ත්‍රීධුර ඉල්ලා නැහැ. එහෙම ඉල්ලගෙන යන්න තරම් මම බංකොලොත් වෙලා නැහැ. දුන්නොත් සතුටින් භාරගන්නවා. නැති උනොත් ඉස්සරහට ඡන්ද තියෙනවනේ . ඒවට ඉදිරිපත්වෙලා මහජන කැමැත්‌තෙන් පාර්ලිමේන්තු එනවා.”
හිරු මාධ්‍ය නාලිකාව සම්බන්ධයෙන් අදහස් විමසීමේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි,
“ඔය කියන නාලිකාව අපේ නායකතුමාට උදව් කරන්නේ කිසිම ඩීල් එකකට නෙවෙයි. ඒක සමාජෙ යන වැරදි මතයක්. මේක පක්ෂයක්. මේ පක්ෂයේ ඉන්නේ දේශපාලඥනයෝ. අපේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඔනැම චැනල් එකට පුළුවන් උදව් කරන්න. ඒක එතනින් එහාට ඉවරයි. සජිත් මහත්තයාගේ කතා ඇහුවොත් හැමදාම මුලින්ම කියන්නේ කාත් එක්කවත් ඩීල් නැහැ කියලා. ඒක විශ්වාසකරලා තමයි මම මෙතන හිටගෙන ඉන්නේ.
දුමින්ද සිල්වා සම්බන්ධ නඩුව පිළිබඳ මාධ්‍යවේදීන් විමසීමේදී පැවසුයේ,‍
“මේක කුරුවල්වුන කේස් එකක්. මහාධිකරණයේ ඉදන්ම එකදිගට මේ පුද්ගලයා වැරදිකරුනු නඩුවක්. මේ වගේ සවුත්තු උන කේස් එකකට නැවත කවුරුත් අතගහයි කියලා ඔබ හිතනවද? මේ රටේ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද?. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිකරවන්නේ ඒ ප්‍රශ්න විසඳන්න. යැයි පවසා තිබේ

Previous articleඑල්ලුම්ගස් නියම වෙලා ඉන්න උන් නිදහස් කරන්න ලෑස්ති අයව තමයි මාධ්‍ය උස්සන්නේ – SF
Next articleශ්‍රී ලංකාව ගොඩ දමන්න පුළුවන් කියලා හිතන මිනිස්සු මාත් එක්ක එකතුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here