Home අද ජනාධිපති රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි

ජනාධිපති රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි

934
0

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මිහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහාය පළ කර ඇත.

 

Previous articleඅනුර – නාමල් ලව් එක නිසා NPP මණ්ඩලේ කචල්
Next articleරිෂාඩ් තනිවේ – මන්ත්‍රී කණ්ඩායමම ජනපති රනිල්ට එක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here