Home අද වතු කම්කරු අවම වැටුප රුපියල් 1700 යි – පඩි පාලක සභාව තීරණය...

වතු කම්කරු අවම වැටුප රුපියල් 1700 යි – පඩි පාලක සභාව තීරණය කරයි

1154
0

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද(12දා)  දහවල් රැස්වූ අතර එහිදී වැටුප් වැඩි කිරීමට අදාල තීරණය ගනු ලැබීය.

වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් මේ සතියේදී තීරණය ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී පැවසීය.

එමෙන්ම මේවනවිට වැවිලි සමාගම්වලට බදු දී තිබෙන ලයින් කාමර පිහිටි ඉඩම්වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

Previous articleසජිත්ගේ මැතිවරණ මෙහෙයුම අධීක්ෂණය කිරීම ජලනිට භාරගනී
Next articleජුලි මස ICC ක්‍රීඩිකාව චමරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here