Home අද දිනකට NPP ක්‍රියාකාරීන් 37,500 දිවයිනට? ප්ලේන් බාන්න ඉඩ නැතිවෙන ලකුණු.!

දිනකට NPP ක්‍රියාකාරීන් 37,500 දිවයිනට? ප්ලේන් බාන්න ඉඩ නැතිවෙන ලකුණු.!

2314
0

එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අවම වශයෙන් මිලියන 1.5 (ලක්ෂ 15) මෙරටට පැමිණීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් සමාජජාල තුළ යම් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින 40 ක කාලසීමාව තුළඳී මගීන් 300 බැගින් වූ ගුවන් යානා 125 කින් දෛනිකව මගීන් 37,500 ක පමණ පිරිසක් මෙරටට පැමිණිය යුතු අතර සෑම මිනිත්තු අටකට වරක් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මත්තල, රත්මලාන සහ යාපනය යන ගුවන් තොටුපළවල්ද උපරීම ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය යුතුය.

මෙලෙස ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීම නිසා ඉතාලිය, ජපානය, දකුණු කොරියාව සහ මැදපෙරදිග රටවල් ගණනාවක දෛනික කටයුතු ඇණ හිටීමේ අවධානමක්ද පවතී.

එලෙස පැමිණෙන පිරිස් වලින් පළමු කණ්ඩායම කැනඩාවේ සිට පසුගියදා දිවයිනට පැමිණි අතර ඊට ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

පසුගිය සමයේදී අනුර කුමාර දිසානායක මහතා ද රටවල් රැසක සංචාරය කළ අතර එහිදී ඔහුට විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ගුවන්තොටුපළේ තත්වය

කෙසේ වෙතත් ඇතිවීමට නියමිත හදිසි තත්වය පිළිබඳව කල විමසුමකදී, එවැනි කිසිදු අතිරේඛ ගුවන් යානා පැමිණීමක් මෙතෙක් වාර්තා නොවන බවත්, ආණ්ඩු මාරුවක් සිදුවුවහොත් ශ්‍රී ලංකා සංචාර අවලංගු කිරීමට බොහෝ විදේශිකයින් තීරණය කර ඇති බැවින් 21 වනදායින් පසුව දැනට පැමිණෙන ගුවන් යානා පවා අවලංගු වීමේ අවදානමක් පවතින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග අප වෙත තහවුරු කලා.

2022 අර්බුද සමයේදී ගුවන් යානා සමාගම් රැසක් ශ්‍රී ලංකාව වෙත වූ ගමන් වාර නතර කල අතර ආර්ථිකය යහපත් වීමෙන් පසුව මෑතක සිට යළිත් ගුවන් ගමන් වාර ආරම්භ කලා.

Previous articleජුලි මස ICC ක්‍රීඩිකාව චමරි
Next article හරීන්ගේ මන්ත්‍රීකම හිරුණිකාට දෙන්න  – සමගි ජන සන්ධානය යෝජනා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here