Home අද ආර්ථිකය හදන හැටි මම පෙන්නලා තියෙනවා – අනිත් අය පොරොන්දු විතරයි දීලා...

ආර්ථිකය හදන හැටි මම පෙන්නලා තියෙනවා – අනිත් අය පොරොන්දු විතරයි දීලා තියෙන්නේ

1018
0

කඩා වැටුණු රටක් ගොඩ නගන්නේ කෙසේද යන්න වැඩපිළිවෙලක් සහිතවම තමා පෙන්වා දී ඇති බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අනෙකුත් අපේක්ෂකයින් පොරොන්දු දෙමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද(07දා) කොළඹදී පැවති පුළුවන් ශ්‍රී ලංකා – මාධ්‍ය ආයතන ප්‍රධානී හමුවේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය. මෙම අවස්ථාවට දේශිය මෙන්ම විදේශිය මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පැමිණ සිටියහ. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ද සිදුකළේය.

රටේ දැන් පවතින ආර්ථිකය තවත් හොඳ තත්වයට පවත්වාගෙන රට ඉදිරියට ගෙනියන්නයි මට අවශ්‍ය.  රට කඩා වැටුණු තැනින් රට ගොඩ ගන්නේ‌ කොහොමද කියලා මම කරලා පෙන්වලා තියෙනවා . නමුත් අනිත් කවුරුත් ඒක කරලා පෙන්වලා නැහැ. මම පෙන්වලා තියෙන්වා. අනිත් අය මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. ඒ අය කරන්නෙ පොරොන්දු දෙනවා, වචන දෙනවා එච්චරනේ. මෙහෙම ගියොත් හැමදාම රට මෙහෙම තියෙයි. ඒ වගේම තමයි මම කියන්නේ ඔබේ අනාගතය ගැන. අනිත් අය කියන්නේ ඔවුන්ගේ අනාතතය ගැන. ඉතින් තීරණය කරන්න තියෙන්නේ ජනතාවට. ජනතාව තෝරගන්න ඔනේ මෙතනින් ගැලපෙන්නේ කවුද කියලා. මේක තමයි ලොකුම වැඩේ. ඒ වගේම ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහමැතිවරණයෙන් කුමන පක්ෂය බලයට ආවත් ඒ ඔනෙම කෙනෙක් සමඟ මම වැඩකරන්න කැමයි.  අපි එකතුවෙලා වැඩකරන්න ඉගෙන ගම්මු. සජිත් අනුර මේ දෙපාර්ශවයටම මම ජනාධිපති උනාට පස්සෙත් ආරාධනා කළා. යැයි පැවසීය.

ජනාධිපතිවරයා සමඟ සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ ඇතැමුන් චෝදනා ලත්අය සිටිනවා නේද යන්න  මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය ප්‍රධානියෙක් විමසු අතර එයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුයේ

“කිසිම මන්ත්‍රීවරයෙකුගේ නඩු වලට මම අත දැම්මේ නැහැ. ඔවුන් ආරක්ෂා කරගන්න ගියේ නැහැ. ඒගැන තීරණය තියෙන්නේ උසාවියෙන්. චෝදනා තියෙනවානම් නඩු දාන්න පුළුවන්. උසාවියෙන් ඒ ගැන තීන්දු තීරණ ගනියි.  මේ සැරේ ඡන්දෙදි ඡන්දෙ දෙන්න තියෙන්නෙ මට. ඊලඟ ඡන්දෙදි ඔවුන්ට ඡන්දෙ දෙනවද නැද්ද කියන කාරණය ගැන මහජනතාව තීරණය කරයි.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට පුවත්පත් , රූපවාහිනි ගුවන්විදුලි, සහ වෙඩ් මාධ්‍ය ප්‍රධානීන් සහභාගී වුහ.

 

 

 

Previous articleමිනිස්සු ඡන්දේ දෙන්නේ මට – මගේ වටේ ඉන්න අයට නෙමෙයි – ජනපති
Next articleපොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න – අරගලයේ නායකයින්ට කුට්ටිආරච්චිගෙන් ආරාධනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here