Home අද ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්

ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්

1532
0

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය “X” ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දෙරට අතර ගිවිසුමක් යටතේ මෙලස රැකියා ලැබෙන බව සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයන්ට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය “X” ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleජනාධිපතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා
Next articleආර්ථිකය ශක්තිමත් කරන ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ලැබෙන්න දැන් – වෙළඳ ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here