Home අද අපිටත් ඡන්දෙ දාන්න දෙන්න – සිරකරුවෝ උසාවි යයි

අපිටත් ඡන්දෙ දාන්න දෙන්න – සිරකරුවෝ උසාවි යයි

996
0

 

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා ‌ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් මෙම පෙත්සම ගොණු කර ඇති අතර එමගින් දැනට සිරගතව සිටින 30 000 ට ආසන්න සිරකරුවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන බන්ධනාගාර ආශ්‍රිතව පිහිටුවීමට ඉල්ලා ඇත.

ඒ අනුව මේ පිළිබඳ ඉතා ඉක්මණින් විභාග කොට මෙවර ජනාධිපතිවරණයේදි ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙම සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති  නන්දිමාල් ද සිල්වා මහතා පැවසුයේ ,

“මේ රටේ පාලකයා තෝරාගැනීමට ඇති අයිතිය සිරකරුවන්ටත් තිබිය යුතුයි. මොකද සිරකරුවන් කන බොන අදින ආකාරය තීරණය කරන්නේ මේ රටේ පාලකයා නම් ඒ පාලකයා තෝරාගැනීමේ අයිතිය ඔවුන්ට තිබිය යුතුයි.

ඒවගේම මේවනවිට සැකකරුවන් ලේබලය යටතේ විශාල පිරිසත් බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ අතර අවුරුදු 10 ඉක්මවු සැකකරුවන් අද බන්ධනාගාරගතකරලා තිබෙනවා. ඔවුන්ට මේ ඡන්ද අයිතිය තිබිය යුතුයි.

රැදවියන් 30 000 ක් අතුරින් 20 000 ට වැඩි පිරිසකට ඡන්ද අයිතිය තිබෙනවා.” යනුවෙනි

මෙම පෙත්සම ඉදිරිපත් කළ සිරකරු අයිතිවාසිම් සුරකීමේ කමිටුව  විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේා මහතා පැවසුයේ ,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙන ඡන්දය දීමට සුදුසුකම් තිබෙන අය සහ නැති අය කවුද කියලා. ඒ අනුව සැකකරුවන්ට ඡන්ද තිබෙනවා. මේදක්වා එයට අදාළ ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක නොකිරීම තුළ තමයි අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න සිදුවුනේ . සිරකරුවෝ මනුෂ්‍යයෝ කියලා කිව්වට ඔවුන් වෙනුවෙන් තිබෙන අයිතිවාසිකම් ක්‍රියාත්මත කිරීම තුළින් තමයි එය පිළිගැනීමට ලක්වෙන්නේ. සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාගැනීමට බොහෝ කාලයක සිට කටයුතු කරනවා.” යනුවෙන්

Previous articleකොළඹ මහල් නිවාසවල පවුල් 50,000කට “රන්දොර උරුමය” ලැබෙයි
Next articleපොහොර වර්ග පහකට ලැබුන හිතාගන්න බැරි මිල සහනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here