Site icon Newshub

අපිටත් ඡන්දෙ දාන්න දෙන්න – සිරකරුවෝ උසාවි යයි

 

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා ‌ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් මෙම පෙත්සම ගොණු කර ඇති අතර එමගින් දැනට සිරගතව සිටින 30 000 ට ආසන්න සිරකරුවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන බන්ධනාගාර ආශ්‍රිතව පිහිටුවීමට ඉල්ලා ඇත.

ඒ අනුව මේ පිළිබඳ ඉතා ඉක්මණින් විභාග කොට මෙවර ජනාධිපතිවරණයේදි ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙම සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති  නන්දිමාල් ද සිල්වා මහතා පැවසුයේ ,

“මේ රටේ පාලකයා තෝරාගැනීමට ඇති අයිතිය සිරකරුවන්ටත් තිබිය යුතුයි. මොකද සිරකරුවන් කන බොන අදින ආකාරය තීරණය කරන්නේ මේ රටේ පාලකයා නම් ඒ පාලකයා තෝරාගැනීමේ අයිතිය ඔවුන්ට තිබිය යුතුයි.

ඒවගේම මේවනවිට සැකකරුවන් ලේබලය යටතේ විශාල පිරිසත් බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ අතර අවුරුදු 10 ඉක්මවු සැකකරුවන් අද බන්ධනාගාරගතකරලා තිබෙනවා. ඔවුන්ට මේ ඡන්ද අයිතිය තිබිය යුතුයි.

රැදවියන් 30 000 ක් අතුරින් 20 000 ට වැඩි පිරිසකට ඡන්ද අයිතිය තිබෙනවා.” යනුවෙනි

මෙම පෙත්සම ඉදිරිපත් කළ සිරකරු අයිතිවාසිම් සුරකීමේ කමිටුව  විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේා මහතා පැවසුයේ ,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙන ඡන්දය දීමට සුදුසුකම් තිබෙන අය සහ නැති අය කවුද කියලා. ඒ අනුව සැකකරුවන්ට ඡන්ද තිබෙනවා. මේදක්වා එයට අදාළ ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක නොකිරීම තුළ තමයි අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න සිදුවුනේ . සිරකරුවෝ මනුෂ්‍යයෝ කියලා කිව්වට ඔවුන් වෙනුවෙන් තිබෙන අයිතිවාසිකම් ක්‍රියාත්මත කිරීම තුළින් තමයි එය පිළිගැනීමට ලක්වෙන්නේ. සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාගැනීමට බොහෝ කාලයක සිට කටයුතු කරනවා.” යනුවෙන්

Exit mobile version