Home අද මූසලයො අතෑරලා අපි ළඟට ආවා විතරයි රනිල් ජනාධිපති උනා – චාමර සම්පත්

මූසලයො අතෑරලා අපි ළඟට ආවා විතරයි රනිල් ජනාධිපති උනා – චාමර සම්පත්

1036
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමත් සමඟ අගමැතිකමේ සිට ජනාධිපති ධුරය දක්වා යාමට  වාසනාව උදාවු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා පැවසීය.

ඊයේ (14) බදුල්ලේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ප්‍රමුඛ නව සන්ධානය විසින් සංවිධානය කළ රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

 

May be an image of 2 people and text

May be an image of one or more people, crowd and text

 

“සජෙබෙ අය දැන් දිගටම කියනවා මේ මැතිවරණය කල් දානවා කියලා. ඒ නිසා මම සජ‌ෙබෙ අයට මම කියන්නේ උබලා ගාව ඉන්කම් රනිල් පරාදයි. හැබැයි අපේ ලඟින් ගැවිලා ගියා විතරයි අගමැති උනා ජනාධිපති වුනා. දැන් රනිල් ජනාධිපතිතුමාගේ මුණත් ලස්සනයි. මම ජනාධිපතිතුමාටම එක කිව්වා.”

May be an image of one or more people, speaker and crowd

“ඒ නිසා අපේ ටීම් එකේ වාසනාවන්තයෝ ඉන්නවා. වැඩ්ඩො ඉන්නෙ අපි ලඟ. අපිට වැඩක් දුන්නොත් අපි ඒ වැඩේ හරියටම කරනවා. අපි දේශපාලනය කරන්නේ හොද වෙලෙවේ නෙවෙයි නරක වෙලාවේ.” යනුවෙන්ද පැවසීය.

May be an image of one or more people, speaker and crowd

May be an image of one or more people and crowd

 

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනක් තමන්ට පහරදීමට තැත් කළ බවත් එම සිද්ධියෙන් පසු තමන්ගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරුණු බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මෙහිදී පැවසිය

මහින්ද රාජපක්ෂ පැමිණෙන ජනතා රැලියක වේදිකාවට නැගීමට හෝ තමන්ට ඉඩ නොදුන් බව ඔහු ප්‍රකාශ කළේය.

එම වීඩියෝව පහතින්,

Previous articleඅලුත්වෙන විදුලිබලයට ඇමරිකානු ඩොලර් මිලියන 100ක්
Next articleතරඟාවලි අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමාජ මාධ්‍ය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here