Site icon Newshub

මූසලයො අතෑරලා අපි ළඟට ආවා විතරයි රනිල් ජනාධිපති උනා – චාමර සම්පත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමත් සමඟ අගමැතිකමේ සිට ජනාධිපති ධුරය දක්වා යාමට  වාසනාව උදාවු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා පැවසීය.

ඊයේ (14) බදුල්ලේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ප්‍රමුඛ නව සන්ධානය විසින් සංවිධානය කළ රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

 

 

“සජෙබෙ අය දැන් දිගටම කියනවා මේ මැතිවරණය කල් දානවා කියලා. ඒ නිසා මම සජ‌ෙබෙ අයට මම කියන්නේ උබලා ගාව ඉන්කම් රනිල් පරාදයි. හැබැයි අපේ ලඟින් ගැවිලා ගියා විතරයි අගමැති උනා ජනාධිපති වුනා. දැන් රනිල් ජනාධිපතිතුමාගේ මුණත් ලස්සනයි. මම ජනාධිපතිතුමාටම එක කිව්වා.”

“ඒ නිසා අපේ ටීම් එකේ වාසනාවන්තයෝ ඉන්නවා. වැඩ්ඩො ඉන්නෙ අපි ලඟ. අපිට වැඩක් දුන්නොත් අපි ඒ වැඩේ හරියටම කරනවා. අපි දේශපාලනය කරන්නේ හොද වෙලෙවේ නෙවෙයි නරක වෙලාවේ.” යනුවෙන්ද පැවසීය.

 

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනක් තමන්ට පහරදීමට තැත් කළ බවත් එම සිද්ධියෙන් පසු තමන්ගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරුණු බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මෙහිදී පැවසිය

මහින්ද රාජපක්ෂ පැමිණෙන ජනතා රැලියක වේදිකාවට නැගීමට හෝ තමන්ට ඉඩ නොදුන් බව ඔහු ප්‍රකාශ කළේය.

එම වීඩියෝව පහතින්,

Exit mobile version