Home අද ජූලි 15 සිට ත්‍රිරෝද රථ ගාස්තු වෙනස් වෙන හැටි

ජූලි 15 සිට ත්‍රිරෝද රථ ගාස්තු වෙනස් වෙන හැටි

505
0

බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ගාස්තුව ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

මේ අනුව පළමු කිලෝමීටරයට පැවති රුපියල් 100ක් එලෙසම පවතින අතර දෙවැනි කිලෝමීටරයේ පැවැති රුපියල් 100 රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් අඩු කර ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා කියා සිටියා.

අන්තර් වාර මිලක් ලෙස හඳුන්වාදෙන නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මඟින් තීරණය කරනු ලබන බවත් ඒ සඳහා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුව මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

මේ මිල ගණන් අය නොකර වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකතන අංක 076 – 045 0860, වට්ස්ඇප් මඟින් දැනුම් දෙන ලෙස සභාපතිවරයා ත්‍රිරෝද රථ පාරිභෝගිකයන්ට දැනුම් දී සිටියි.

Previous articleයළිත් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකියි – වජිර
Next articleනීතිපති පත් කරන්න ජ්‍යෙෂ්ඨත්වය අදාළ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here