Home අද නීතිපති පත් කරන්න ජ්‍යෙෂ්ඨත්වය අදාළ නැහැ

නීතිපති පත් කරන්න ජ්‍යෙෂ්ඨත්වය අදාළ නැහැ

1436
0

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.

මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බව ද ඒ මහතා සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව පෙන්වා දී තිබේ.

නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Previous articleජූලි 15 සිට ත්‍රිරෝද රථ ගාස්තු වෙනස් වෙන හැටි
Next articleවර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හා පාලකවරුන්ට ලැබුන අවසන් නිවේදනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here