Home අද පළමුවරට දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් මහ තරගයකට

පළමුවරට දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් මහ තරගයකට

17967
0

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය ලෙස පැවති ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දු ඕවර 11 පන්දු 5ක් තුළ දී සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස් කළේය.

එහිදී ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස් කළේය.

පන්දු යැවීමේදී Marco Jansen සහ Anrich Nortje කඩුලු 3 බැගින් දවා ගත්තහ.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යෑම ඇරඹු දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දු ඕවර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළේය.

ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

අවසන් පූර්ව වටයේ මී ළඟ තරඟය ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි

Previous articleශ්‍රී ලංකාව 2028 දක්වා ද්වීපාර්ශවික ණය ගෙවීමෙන් නිදහස්.!
Next article‘පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ සුබ ආරංචිය කැලෑ පෝස්ටරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here