Home අද ප්‍රචණ්ඩකාරින්ට පොලිසියේ හිටපු පිරිසක් සහාය දීම ගැන කම්පා වෙනවා – හිටපු...

ප්‍රචණ්ඩකාරින්ට පොලිසියේ හිටපු පිරිසක් සහාය දීම ගැන කම්පා වෙනවා – හිටපු පොලිස්පති

3555
0

අතීතයේදී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යළිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (13) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරු මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ පසුගියදා පවත්වන ලද ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුවට විරෝධය පළ කිරීම සඳහාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

1971 ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනුරුත්ථාපනය කිරීමක් රජය මඟින් සිදු කළා. අප සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපොළ සහ ජීවිත විනාශ වුණා. අප ඊට පස්සෙත් හිතුවා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මස 09 වැනිදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතිං මෙවැනි දේවල් කරන කොට ඉදිරියට මේක නොකරාවි ද ?”

වර්ෂ 150කට වැඩි අභිමානවත් ඉතිහාසයක් ඇති පොලිසියක නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකාවාසීන්ගේ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීමට බැඳී සිටින මේ කණ්ඩායම විනාශකාරී දේශපාලන ප්‍රවාහයක් කෙරෙහි නැඹුරුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ගෙන ගිය සිද්ධි මාලාවකට ප්‍රතිචාර වශයෙන් දැනට සේවය කරන නිලධාරීන් විසින් විශ්‍රාමික නිලධාරීන් ඉතාමත් කම්පා වී තිබෙනවා, ඇයි මේ අය මේ විදියට අපට අනුගමනය කරන්න කියන්නේ කියලා. මේ නිලධාරීන් කීර්තිමත් වැදගත් ආයතන භාරව සිටි නිලධාරීන්. ඒ නිලධාරීන් ඒ අවස්ථාවේ ඒ කඩාකප්පල්කාරී ක්‍රියාවට එරෙහිව ක්‍රියාකරපු කණ්ඩායම්. ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන ඉදිරියට දැම්මා. ඒ කැරැල්ල සම්බන්ධයෙන් ක්‍රියා කරපු ඒ නිලධාරීන් දැන් මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට නැඹුරු වන ලෙස කරන ඉල්ලීම දැනට සිටින පොලිස් නිලධාරීන්ගේ කම්පනයට භාජන වෙලා තිබෙනවා. ඒ නිසා අපට දුරකතන මාර්ගයෙන් දැනුම් දුන්නා ඇයි සර් මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඒ නිසා අප මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වුණා.

1971 කැරැල්ල සම්බන්ධයෙන් අද ඉන්නේ ටික දෙනයි සත්‍ය වශයෙන් දන්න. මෙතන ඉන්න අයගෙනුත් මම හිතන්නේ දෙන්නෙක් තුන් දෙනකුට වඩා ඒක දන්නේ නැහැ. එදා ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනරුත්ථාපනය කිරීමක් රජය විසින් කළා. අප සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. පුනරුත්ථාපනය නිසා සෑම කෙනෙක්ම මධ්‍යම දේශපාලන කැරැල්ලට ඇතුළත් වෙයි කියාල හිතුවා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපළ සහ ජීවිත විනාශ වුණා.

විශ්‍රාමික පොලිස් අධිකාරී නෝටන් ද සිල්වා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගි වී සිටියහ.

Previous articleඋද්දික පුතාට වෙඩි තැබීමේ සිද්ධිය උද්දික පුතාගේම අධ්‍යක්ෂණයක්
Next articleචමරිට ලැබුන අලුත්ම සම්මානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here