Home අද ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

1917
0

ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී විවෘත කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් අරඹා තිබෙනවා.

එම උත්සවය සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී තිබුණි.

මෙරට තුළ ක්‍රියාත්මක ටයර් නිෂ්පාදනය, සීනි නිෂ්පාදනය, කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදනය සහ ඇගලුම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගම් සමූහයක් වන Anunine (පෞද්) සමාගම, රජයට අයත් සීමාසහිත ජාතික කඩදාසි සමාගම සමගින් ඇති කරගත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) යටතේ මෙම කර්මාන්තශාලාව යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

1978 වසරේදී ආරම්භ කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ මෙහෙයුම් 2003 වසරේ සිට අත්හිටුවීම සිදු විය. ඒ වනවිටත් දහස් ගණනක සේවකයන් පිරිසක් එහි සේවයේ යෙදෙමින් සිටි අතර, ඔවුන් සියලු දෙනාගේම රැකියා අහිමි විය. පසුව 2011 දී ලැබුණු ආයෝජනයක්ද සමගින් එහි මෙහෙයුම් යළි ආරම්භ කෙරුණු අතර, 2012 දී නැවතත් එය වසා දැමුණි.

අනතුරුව අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට තිස් අවුරුදු බදු පදනමක් මත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.

ඒ අනුව කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන්ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා කේ.එස්.පී.ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් නමින් නව සමාගමක් සංස්ථාගත කළ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග වන ගිවිසුමක් මත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි. මෙහෙයුම් කටයුතු ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසූයේ රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව තම පෞද්ගලික විශ්වාසය බවයි.

Previous articleමෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරේ
Next articleකොළඹ ජාතික රෝහලේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවලට එක් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here