Home අද නව දිල්ලියේදී ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

නව දිල්ලියේදී ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

3716
0

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් මේ වනවිට පැවැත්වෙයි.

නව දිල්ලි නුවරදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය .

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

Previous articleජනපති – අධානි හමුවක්
Next articleඉන්දියාවට ගිහින් ජනාධිපති කතා කළේ මොනව ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here