Site icon Newshub

නව දිල්ලියේදී ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් මේ වනවිට පැවැත්වෙයි.

නව දිල්ලි නුවරදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය .

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

Exit mobile version