Home අද ලන්සා – ගොඩහේවා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

ලන්සා – ගොඩහේවා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

721
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ නාලක ගොඩහේවා අතර අද(01) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවීමක් සිදුවිය.

වියත්මග ගෙනවිත් මුළු රටම විපත්මගක් කළ නාලක ගොඩහේවා මහත්මා දැන් සජිත් ප්‍රේමදාස මහත්මාට උපදෙස් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා එහිදී පැවසීය.

එමෙන්ම දැන් සමගි ජනබලවේගය වැඩකරන්නේ නාලක ගොඩහේවා මහතාගේ උපදෙස් අනුව බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට රටේ විරෝධයක් ඇතිකරන්න මුලික වැඩ සිදුකළ  නාලක ගොඩහේවා මහතා දැන් සජබය විනාශ කිරීමට මුලිකවී ඇති බවද හෙතෙම පැවසීය.

එහිදී අදහස් දැක්වු නාලක ගොඩහේවා මහතා පැවසූයේ නාලක ගොඩහේවාට බයවී ඇති බව දැකීමට සතුටට කරුණක් බවය. එමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවනතුරු උපදෙස් දුන්නද ජනාධිපති වීමෙන් පසුව ඔහුට උපදෙස් ලබානොදුන් බවය.

කෙසේවෙතත් යලින් නැගී සිටි නිමල් ලන්සා මන්ත්‍රීවරයා පැවසුයේ “රට වට්ටපු ප්‍රධාන උපදේශකයන්ගේ නම් අහපුවමත් බයයි තමයි . වැඩිය කෑගැහුවොත් මුහුද කාපු හැටි නැව් ගිල්ල හැටිත් කියන්න ලැස්සිතියි යනුවෙනි.

Previous articleණය ප්‍රතිව්‍යුහගතකිරීමේ යෝජනාවට අපි විරුද්ධයි
Next articleහර්ෂ ද සිල්වා මත දෙකක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here