Home අද ප්‍රභාත් ජයසූරිය වාර්තා පොත් අලුත් කරයි

ප්‍රභාත් ජයසූරිය වාර්තා පොත් අලුත් කරයි

47740
0

අඩුම තරග ගණනකින් ටෙස්ට් කඩුළු 50 ලබාගැනීමේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අද සමත් විය.

ඒ අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ අයර්ලන්ත දෙවැනි ඉනිමේදි පෝල් ස්ටර්ලිං දවා ගැනීමත් සමගය.

තරගාවලියේ පළමු තරගයේ දි රමේෂ් මෙන්ඩිස් විසින් කඩුළු පනහක් වාර්තා කරමින් තරග 11කදී ටෙස්ට් කඩුළු 50 ලබාගනිමින් ඩිල්රුවන් පෙරේරා තබා තිබූ වේගවත්ම කඩුළු 50 වාර්තාව සම කිරීමට සමත් වූ අතර ප්‍රභාත් ජයසූරිය තමා සතු කරගන්නේ එම වාර්තාවය.

ටෙස්ට් තරග ඉතිහාසයේ ප්‍රභාත්ට වඩා අඩු තරග ගණනකින් කඩුළු 50 වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ටර්නර් පමණි. ක්‍රිස් කඩුළු 50 කඩඉම පසුකරන්නේ සිය හයවැනි ටෙස්ට් තරගයේදි 1888 වසරේදිය.

ටෙස්ට් තරග 7කින් කඩුළු 50 පසු කර යෑමට සමත්ව ඇත්තේ ප්‍රභාත් හැරුණු විට තවත් පන්දු යවන්නන් දෙදෙනෙක් පමණි. ඒ 1896 වසරේදි එංගලන්ත ක්‍රීඩක තෝමස් රිචඩ්සන් සහ 2012 වසරේදි දකුණු අප්‍රිකානු ක්‍රීඩක වර්නන් පිලැන්ඩර් ය.

ක්‍රිස් ටර්නර්, තෝමස් රිචඩ්සන් සහ වර්නන් පිලැන්ඩර් යන තිදෙනාම වේග පන්දු යවන්නන්ය. ඒ අනුව ටෙස්ට් තරග ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුළු පනහේ සීමාව පසු කළ දඟ පන්දු යවන්නා ලෙස ප්‍රභාත් වාර්තා පොත් අතරට එක්වනු ඇත.

Previous articleසමාජ මාධ්‍ය මම හොරෙක් කියලා මඩ ගහනවා – ගොඩහේවා
Next articleජනපතිගෙන් හරිත ආර්ථිකයකට නව පරිසර පනතක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here