ජනතාවට ප්‍රාදේශීය සභා මැතිවරණයක් අවශ්‍යමද යන්න පිළිබඳව ගැටළුවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
රටේ ජනතාවට විශාල ප්‍රශ්න ගණනාවක් තිබියදී ඡන්දයකට ආණ්ඩුව මූලිකත්වය නොදෙනු ඇතැයි ඒ මහතා කියා සිටියා.
ග්‍රාමීය ජනතාව බොහොමයක් ඡන්දයක් අවශ්‍ය නොවන බවත් ඔවුන්ට අවශ්‍ය කෑම සහ බෙහෙත් වැනි ජීවත්වීමට අවශ්‍ය මූලික දේවල් පමණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.