Home අද ණය සීමාව බිලියන 4000ක් කරමින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

ණය සීමාව බිලියන 4000ක් කරමින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

47
0

2025 වර්ෂයේ පළමු මාස හතරක කාලය සදහා වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම යෝජනාව පාර්ලිමේන්තුය ඉදිරිපත් කරනු ලැබුවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් එය සතියක් දෙකක් ප්‍රමාද වුවහොත් එම අවිනිශ්චිත තාවය පදනම් කරගෙන ණය ගැනීමේ සීමාව බිලියන 4000ක් දක්වා වැඩිකර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175ක් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600කි. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000යි.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය විශේෂයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ ස්වෛරී බැඳුම්කර අතර එකඟතාව මත අලුතෙන් ණය පත්‍ර ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. අපි උත්සාහයක ඉන්නවා මේ වැඩකටයුත්ත දෙසැම්බර් 31කට කලින් අවසන් කරන්න”

Previous articleදෙසැම්බර් 7ට පෙර බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තා එවන්න : දේශීය ආදායම දන්වයි!
Next articleරත්වත්තේ යුවළට ඇප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here