Home අද ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව කෙරෙන පළමු ඡන්ද විමසීම අද

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව කෙරෙන පළමු ඡන්ද විමසීම අද

17
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව කෙරෙන පළමු ඡන්ද විමසීම අද (04 ) සිදුකිරීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව විවාදය ඊයේ සහ අද ( 03-04 )පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර විවාදයෙන් පසු ඒ සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතය.

ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය අද පෙරවරු 9.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 9. 30 දක්වා රටේ ඇතිතිවූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව විවාදය පැවැත්වේ.

එමෙන්ම ලබන වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය හෙට සහ අනිද්දා (05 -06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇත. ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු නොකළ යුතු බවට පක්ෂ නායකයින් අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

Previous articleයුද්ධ හමුදා සාමාජික⁣යෙකුගෙ දරුවෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි (PHOTOS)
Next articleමන්ත්‍රී අර්චුනා ගුටිකෑම සම්බන්ධයෙන් කථානායක පරීක්ෂණයක් අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here