Home අද එළඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට

එළඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට

29
0

ලබන වසරේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළකර ඇති බවට වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත ඉන්දීය කණ්ඩායම 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම කර ඇති අතර, එළඹෙන ශූරයන්ගේ කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම සහභාගිවන තරග සියල්ල වෙනත් මධ්‍යස්ථ රටක පැවැත්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් එම තීරණයට එරෙහිව දැඩි මතයක සිට කටයුතු කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මෙවැනි තත්ත්වයක ඉන්දීය කණ්ඩායම විසින් සිදුකළ ඉල්ලීමට පාකිස්ථානය එකඟ නොවුනහොත් තරගාවලිය පාකිස්තානයේ නොපවත්වන බවට අයි.සී.සී. ය ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශයත් සමග ඒ වෙනුවට තමන්ට ගෙවන සත්කාරක මුදල් වැඩි කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇති අතර, ඊට අමතරව 2031 වසර වනතුරු ඉන්දියාවේ පැවැත්වෙන ඕනෑම අයි.සී.සී. තරගාවලියකට පාකිස්තානයට දෙමුහුන් ක්‍රමය ඔස්සේ සහභාගි වන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.

දෙපාර්ශ්වයම අදාළ කොන්දේසිවලට එකඟවීමත් සමග ශූරයන්ගේ කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධ ගැටලුව විසඳී ඇති අතර ඒ, අනුව එළඹෙන 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහභාගි වන තරග හැර සෙසු තරග පාකිස්තානයේ දී පවත්වන්නට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග පැවැත්වෙන මධ්‍යස්ථ රට සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර බොහෝ දුරට එම මධ්‍යස්ථ රට එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ශ්‍රී ලංකාව වනු ඇති බවට වාර්තා වේ.

Previous articleමැතිවරණයේ ආදායම් වියදම් 06 වන දිනට පෙර භාරදෙන්න – නොදෙන අයට නීති පියවර
Next articleවැස්සත් ආශීර්වාදයක් : විදුලි ගාස්තු සංශෝධනයේදී 30%-40% ක ගාස්තු අඩු කිරීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here