Home අද මැතිඇමති, හිටපු ජනාධිපති වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනපතිට...

මැතිඇමති, හිටපු ජනාධිපති වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනපතිට (PHOTOS)

40
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය.

No description available.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No description available.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන සමන්ත විද්‍යාරත්න පවසා සිටියේ මාලිමාව ආණ්ඩුව යටතේ රැස්වන පළමු කැබිනට් මණ්ඩල තීන්දුවක් ලෙස හිටපු ජනාධිපතිවරුන් සතු සියලු වරප්‍රසාද අහෝසි කරන බවය.

කෙසේ වුවත් එවැනි ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවේ නොතිබූ අතර , එවැනි කිසිවක් සිදුවූයේද නැති අතර චිත්‍රසිරි කමිටුව පිහිටවනු ලැබුවේ මෙකී විශ්‍රාමලත් දේශපාලඥයන්ට ලබාදෙන දීමනා සහ වරප්‍රසාද යළි සලකා බලා වාර්තාවක් ගෙන අදාල වරප්‍රසාද කප්පාදු කිරිම සඳහාය.

No description available.

Previous articleත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් නොපෙනේ : සැකකරුට ඇප !
Next articleජනපති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හමුවෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here