Home අද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට

31
0

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබෙනවා

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුනේ පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

Previous articleඅද ගෑස් මිලෙන්වත් සහනයක් ලැබෙයිද? : ජනතා බලාපොරොත්තු දැක්වෙයි!
Next articleත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් නොපෙනේ : සැකකරුට ඇප !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here