Home අද IMF වැඩපිළිවෙළම ඉදිරියට ගෙනයාම : රනිල්ගෙන් අනුරට ප්‍රශංසා !

IMF වැඩපිළිවෙළම ඉදිරියට ගෙනයාම : රනිල්ගෙන් අනුරට ප්‍රශංසා !

60
0

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජිත හේරත්, මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.
එහිදි අදහස් දක්මින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .

“මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත්  IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා.”

Previous articleකැලුම් ජයසුමන අත්අඩංගුවට !
Next articleඅක්කරයට 40,000ක් මදි – වන්දි මුදලට ගොවීන්ගේ දැඩි විරෝධය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here