හිටපු එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ හැත්තෑවෙනි උපන් දිනය සැමරීමට වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (26) පස්වරුවේ උපන් දින සාදයක් පවත්වා ඇති බවත් එහිදී ප්රභාකරන්ගේ ඥාතියෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් කේක් කපා පැමිණ සිටි පිරිසට සංග්‍රහ කර ඇති බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උපුටා දක්වමින් නෙත් නිව්ස් වාර්තා කර ඇත.
එම පුවතට අනුව ප්රභාකරන්ගේ ඡායාරූපයකට මල් දමක් පලදවා ඔහුට පින් අනුමෝදන් කරවීමද සිදු කර ඇත.
මේ අවස්ථාව සඳහා රැස්ව සිටි පිරිස ප්රභාකරන්ගේ නිවස ඉදිරිපිට පැල කිහිපයක් ද රෝපණය කළ බවද අදාල පුවතේ සඳහන් වෙයි.
එම අවස්ථාවේදී යාපනයේ ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් අදාළ ස්ථානයට පැමිණ සිට ඇති බවත් නෙත් නිව්ස් වාර්තාවේ දැක්වෙයි.
එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට එම්.කේ ශිවාජිලිංගම් විසින් ප්රභාකරන්ගේ නිවස අසල උපන් දිනය සැමරිම පිණිස කේක් කපද්දී වසර හතක්ම යපනයේ ආරක්ෂක අංශ විසින් ඔහුව අත් අඩංගුවට ගන්නා ලද නමුත් මෙවර එවැනි පරිසරයක් යාපනයේදී දක්නට ලැබී නැති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණය වී තිබේ.