Home අද එක එළුවෙක් හදන්න ලක්ෂ 38ක් ගිය අරුම පුදුම අභිජනන මධ්‍යස්ථානය – විගණනයෙන්...

එක එළුවෙක් හදන්න ලක්ෂ 38ක් ගිය අරුම පුදුම අභිජනන මධ්‍යස්ථානය – විගණනයෙන් සියල්ල අනාවරණය වේ.

488
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ආරම්භ කළ ඉඹුල්දණ්ඩ අභිජනමධ්‍යස්ථානයේ එක් එළුවෙක් අභිජනනය කිරීම සඳහා රුපියල් 3,895,993 ක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇත.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 91,970,290 ක් වැය කර පස් අවුරුදු වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

වසර පහක කාලයක් තුළ බෝයර් වර්ගයේ එළුවන් 250ක් අබි ජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමට නියමිතව තිබුනත් එම කාලය තුළ අබිජනනය කර ඇති එළුවන් ගණන 23 දෙනෙක් බව විගණන පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භය සහ ඒ සඳහා වැය කළ මුදල් පිළිබඳව මේ වන විට පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

Previous articleඅධි අවධානම් කලාප සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ – ගංවතුර අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරේ
Next articleසිවාජිලිංගම් වැඩ අල්ලයි : ප්‍රභාගේ උපන්දිනය කේක් කපා සමරයි : ගසුත් හිටවලා! (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here