Home අද ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක් – වගන්ති කඩකළහොත් පහරදීමට පසුබට වන්නේ...

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක් – වගන්ති කඩකළහොත් පහරදීමට පසුබට වන්නේ නැහැ

10
0

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් “ශුභ ආරංචියක්” ලෙස පිළිගන්නා බවත් එය ගාසා තීරයේ සාමය උදාවනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපති ජෝ බයිඩන් පාවසා තිබෙන බවද සඳහන් වේ. ලෙබනන් – ඊශ්‍රායල දේශසීමා හරහා පැවති ගැටුම් ස්ථිර ලෙස නැවැත්වීම අරමුණු කරගනිමින් මෙම සටන් විරාමයට එළඹීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත් සටන් විරාම එකඟතාවලදී හිස්බුල්ලා සංවිධානය ගිවිසුමේ ඇතැම් වගන්ති කඩ කළහොත් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය පසුබට නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.

Previous articleප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි සමඟ සුළි කුණාටුවක අවධානමක්
Next articleටෙස්ට් ලෝක කුසලාන සිහිනය සමඟ ශ්‍රී ලංකාව අද දකුණු අප්‍රිකාව සමඟ පිටියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here