Home අද ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි සමඟ සුළි කුණාටුවක අවධානමක්

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි සමඟ සුළි කුණාටුවක අවධානමක්

12
0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද 27 වැනිදා සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහි බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින් වැසී පවතින බවත් උතුරු.උතුරු මැද.
නැගෙනහිර, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල තද වැසි සහ සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් අනතුරු අඟවා සිටි.

මේ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

උතුරු, උතුරුමැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous articleපාසල් සිසුන් සමඟ ට්‍රැක්ටර්යක් ජල පහරට හසුවෙයි – 07 ක් අතුරුදන්
Next articleඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක් – වගන්ති කඩකළහොත් පහරදීමට පසුබට වන්නේ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here