Home අද තවමත් නිල ඡන්ද පත්‍රිකාව ලැබුනේ නැති අයට විශේෂයි

තවමත් නිල ඡන්ද පත්‍රිකාව ලැබුනේ නැති අයට විශේෂයි

79
0

ලබන 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නිකුත් කළ නිල ඡන්ද පත්‍රිකා ලක්ෂ 05 කට අධික ප්‍රමාණයක් තවමත් හිමිකරුවන් නොමැතිව තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මෙම නිල ඡන්ද පත්‍රිකා විදේශගතව සිටින හා පදිංචිය වෙනස් කිරීම් කර අයගේ මෙන්ම වෙනත් හේතූන් නිසා ලබා නොගත් ඒවා බව නියෝජ්‍ය තැපැල්පතේ රාජිත රණසිංහ මහතා පැවසීය

තැපැල් මගින් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 27 වැනිදා සිට නොවැම්බර් මස 07 දක්වා ඡන්ද පත්‍රිකා ලක්ෂ අනූ හයක් පමණ බෙදා හැරී බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

හිමිකරුවන් නොමැතිව බෙදාහැරීමට නොහැකිවූ ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලවල සුරක්ෂිත ව තබා ඇති බවත් මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණ අයට අද සිට ලබන 14 වැනිදා දක්වා තම පදිංචි ස්ථානයට ආසන්නව පිහිටි තැපැල් කාර්යාල වෙතින් ඒවා ලබා ගත හැකි බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසනවා.

Previous articleඅර්බුදය වසන්තයක් කරගත්තේ කවුද? තවත් බරපතල වංචාවක CID පරීක්ෂණ ඇරඹෙයි!
Next articleඅනුර බස් වලින් යාපනේට සෙනඟ ඇදලා – සුමන්තිරන්ගෙන් චෝදනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here