Home අද විදෙස් ණය ලබාගත්තේ නැත්නම් විදෙස් රටවල් අපිව අතහැරලා කියයි – චතුරංග

විදෙස් ණය ලබාගත්තේ නැත්නම් විදෙස් රටවල් අපිව අතහැරලා කියයි – චතුරංග

487
0

ජාතික ජන බලවේගය රජය මේ වනවිට විදෙස් රටවලින් ලබාගන්නා ණය නොලැබුනානම් විපක්ෂයේ චෝදනාව වන්නේ ජාතික ජන බලවේගයට විදෙස් සබඳතා නොමැති බව සහ ජාත්‍යන්තරය විසින් ඔවුන්ව අතහැර දමා ඇති බව, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඉකුත් සතියේ ජාතික ජන බලවේග රජය ලෝක බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 200 සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ IMF සමඟ විස්තීරණ ණය පහසුකමකට ගිය බවත් එය වසර 4ක් බලපාන බවත් ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියා.

ඒ වසර 4 ඇතුලත IMF ආයතනය මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 650ක නය සම්මත වී ඇති බව සහ වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය තුල පීඩාවට පත් ජනතාවගේ සහන සඳහා එම මුදල් ලැබෙනුයේ එක් එක් කාල වලදී බවද ඒ මහතා පෙන්වා දෙනවා.

ඉකුත් සතියේ ලැබුන ඩොලර් මිලියන 200ක මුදල එලෙස ලැබීමට තිබුන මුදලක් බවත් ණය අර්බුදයෙන් මිදීමට ඇති මාර්ගය එය බවත් ජාතික ජන බලවේගය මේ වනවිට එම මාර්ගයේ ගමන් කරන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

ඒ මහතා දැක්වූ අදහස් මෙතැනින්

Previous articleජනාධිපතිවරණයේ දී NPP වේදිකාවේ හිටපු ශානිව අධ්‍යක්ෂක කෙනෙක් කරලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා නේද බලය ගත්තේ?
Next articleදේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ – රාජපක්ෂලාගේ සමුගැනීම තාවකාලිකයි – මහින්ද රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here