Home අද ජනතාවට සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ – මුදල් සොයන වැඩසටහන් ඉදිරිපත්...

ජනතාවට සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ – මුදල් සොයන වැඩසටහන් ඉදිරිපත් කරන්න කිව්වා

1347
0

ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතාව හිමිව ඇති බව ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ ඊට අදාළ යෝජනා ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට කටයුතු කරන බවය.

ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන ඉහළ නැංවීම වත්මන් රජයේ මූලික අරමුණ බව මහාචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරද්දි පැහැදිලි කරමින් සිටියා අපේ රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනයට හරවන්න නම් රටේ මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙන දේ අරන් දෙන්න ඕනේ. ගොවියාට පොහොර ටික ලැබෙන්න ඕනේ. ධීවරයාට ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න යන්න පුළුවන් සහන ටික ලැබෙන්න ඕනේ. අන්න ඒ පරමාර්ථයෙන් අපි සහන වැඩි කරනවා කියන එකට ඇත්තටම මූල්‍ය අරමුදලත් විරුද්ධ වුණේ නෑ. එගොල්ලන් කිව්වේ ඔබගේ වැඩසටහන් අරගෙන එන්න, ඉදිරිපත් කරන්න. මුදල් සොයාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සම්බන්ධවෙලා ඉන්න තවත් ආයතන තියෙනවා. ඒ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව තවත් ආයතන. අපි වේගයෙන් උත්සාහ කරනවා ක්ෂණිකව ආධාර සහන ලබා දෙන ගමන්ම ඒ ජනතාව සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධකර ගන්න.”

Previous articleඅයහපත් කාලගුණයෙන් ජීවිත හානි තුනක් – පීඩාවට පත් පිරිස ලක්ෂය ඉක්මවයි
Next articleජනාධිපතිවරණයේ දී NPP වේදිකාවේ හිටපු ශානිව අධ්‍යක්ෂක කෙනෙක් කරලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියලා නේද බලය ගත්තේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here