Home අද මාලිමාවේ අපේක්ෂකයින්ට මනාප ඉල්ලන්න තහනමක් පනවා නෑ – බිමල්

මාලිමාවේ අපේක්ෂකයින්ට මනාප ඉල්ලන්න තහනමක් පනවා නෑ – බිමල්

1086
0

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ට මනාප දෙන ලෙස ඉල්ලීම තහනම් කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ ජාතික විධායක සභික බිමල් රත්නායක පවසනවා.

NewsWire වෙත අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ පක්ෂය විසින් එවැනි තහනමක් පනවා නොමැති නමුත් ජාතික ජනබලවේගයේ අපේක්ෂකයින් පක්ෂය ඇතුළත මනාප සඳහා තරඟයක නිරත නොවන බවයි.

එමෙන්ම, දිවයින පුරා සුදුසුකම් ලත් අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ජාතික ජනබලවේගය අවධානය යොමු කර ඇති බවද බිමල් රත්නායක මහතා පවසා තිබෙනවා.

“අපේ අපේක්ෂකයන්ට මනාප ඉල්ලන එක අපි තහනම් කළා කියන එක නිවැරදි නැහැ. අපි කිව්වේ අනිත් පක්ෂ වගේ අපි අතරේ මනාප සඳහා සටනක් නැහැ කියන එක”

“අනෙකුත් දේශපාලන පක්ෂවල දක්නට ලැබෙන අභ්‍යන්තර ගැටුම්වලින් තොරව අවංකව මැතිවරණ පවත්වන්න පුළුවන් කියන එක අපේ මැතිවරණ ව්‍යාපාරය පෙන්නුම් කරාවි”

Previous articleඖෂධ 305ක් මිලට ගන්න හරිනිගේ කැබිනට් යෝජනාව දෙවන වරටත් ප‍්‍රතික්‍ෂේප වෙයි.
Next articleනුවරඑළිය තැපැල් කාර්යාලය සුපිරි හෝටලයක් කිරීමේ රනිල්ගේ කූඨ උපාය පරාදයි.! දිගටම තැපැල් කන්තෝරුවක් විතරයි – ඇමති විජිත හේරත් රටට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here