Home අද රජයක් විදියට ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. තිබුණ ක්‍රමවේදයටම...

රජයක් විදියට ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. තිබුණ ක්‍රමවේදයටම ගියා

927
0

IMFනියෝජිතයින් සමග පසුගියදා පැවැත්වුයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ නොගත් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සිටියා.

08 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නම් නිලධාරී මට්ටමේ සාකච්ඡාව සිදුකළ යුතු බවය.

ප්‍රශ්නය – IMF නියෝජිතයින් එක්ක පසුගිය දා සාකච්ඡා පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි වුණත් දැක්කේ සෙල්ෆි ගහපු එකක් මහාචාර්යතුමෙක්. හරියට ජනගත වුණේ නැහැ. ඔබතුමාලා මොකක්ද සාකච්ඡා කළේ?

“මේ IMFනියෝජිතයින් ඇවිල්ලා නව රජය කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියන සංකල්පමය සාකච්ඡාවක් තමයි පැවැත්වුයේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්වීමක් ගැන සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තින්දු ගන්නේ නිලධාරි මට්ටමේ පැවැත්වෙන සාකච්ඡාවලදී.”

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා විකල්ප ණය තිරසාර විශ්ලේෂණයක්. අර DSA කියන එක. ඒක ව්‍යුහාත්මක සාකච්ඡා ඇතිකරනවා කිව්වා. විකල්ප DSA එක හදලා ඉදිරිපත් කරනවා ද ඔබතුමාලා?

“අපි තාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවලා නෑනේ. තාම ජනාධිපතිවරයා විතරයි පත් වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න සහාය දෙන්න. ඒකත් එක්ක අපි ජනතාවට වැඩි සහන දෙන ක්‍රමවලට යනවා. අපි රජයක් විදියට ඒ ක්‍රමවේදය වෙනස් කළේ නෑ. ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. ආර්ථිකය කඩාවැටෙන්න නොදී තිබුණ ක්‍රමවේදයටම ගියා. ඒක නතර කරලා නැවත මේක හරිද වැරදි ද කියලා හොයලා බලලා යන්න ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. ආර්ථිකයේ විශාල ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා.”

Previous articleඇමෙරිකානු තානාපතිනිය ජනාධිපති ලේකම් හමුවෙයි
Next articleඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියට උඩරට දුම්රිය මාර්ගය දවස් 7කට ඇල්ලෙන් සීමා කරනවට ගෙවීම මිලියන 23යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here