Home අද ගෝඨාභයගේ ප්‍රධාන උපදේශකයෙක් ජනපති අනුරගේ ආර්ථික උපදේශක ලෙස පත් කෙරේ

ගෝඨාභයගේ ප්‍රධාන උපදේශකයෙක් ජනපති අනුරගේ ආර්ථික උපදේශක ලෙස පත් කෙරේ

4042
0

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් දෙදෙනෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියා සිටියා

ඔහු මේ බවකියා සිටියේ අද (01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් වශයෙන්, ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් දුමින්ද හුලන්ගමුව සහ ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්ය ඒ ඒ. ජේ. ප්‍රනාන්දු පත් කර ඇති බව ඒ මහතා කියා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තම ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති දුමින්ද හුලන්ගමුව මහතා මෙරට ආර්ථිකය බංකොලොත් බවට නිල වශයෙන් පිළිගත් පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් 2022 මාර්තු මාසයේදී පත්කළ උපදේශක කමිටුවේ ද සාමාජිකයකු වනවා.

මෙම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපතිවරයා වෙත බලතල අනුව සිදු කර තිබෙනවා.

ජනාධිපති උපදේශක පත් කිරීම් සැප්තැම්බර් මස 24 වනදා දින සිට බලපැවැත්වෙන පරිදි ගරු සේවා පදනම් මත පත් කර තිබෙනවා.

Previous articleඅවම බස් ගාස්තුව රුපියලකින් අඩුකෙරේ – නව මිල ගණන් මෙන්න
Next articleCeylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here