Home අද මාධ්‍ය සංදර්ශන නවත්වා රාජපක්ෂලා හොරකම් කළා කියපු සල්ලි ගැන හොයන්න – ශ්‍රී...

මාධ්‍ය සංදර්ශන නවත්වා රාජපක්ෂලා හොරකම් කළා කියපු සල්ලි ගැන හොයන්න – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1733
0

රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන දහ අටක් උගන්ඩාවට යැවු බවට එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නයි  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ විපක්ෂයේ සිට චෝදනා එල්ල කළ කණ්ඩායම අද ආණ්ඩු බලයේ සිටින බවත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් දැන් නැති බවත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේවා කියා සිටියේය.

තව දුරටත් මාධ්‍ය සංදර්ශන පවත්වා පලක් නැති බවත් සොරකම් කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.

නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ඇති බවත් පවසන ඔහු එනිසා තවදුරටත් මාධ්‍ය සංදර්ශනවලින් ඵලක් නැති බවත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු විල්ලා සිටියේය.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් “ පහුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ විපක්ෂයේ. විපක්ෂයේ ඉන්නකොට ඔවුන් විවිධ චෝදනා කළා දේශපාලඥයින්ට සහ පැවති රජයට. ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඔවුන් විවිධ චෝදනා එල්ල කළා. නමුත් දැන් තත්වය වෙනස්. ඔවුන් එදා විපක්ෂයේ ඉඳලා මාධ්‍ය සංදර්ශන තියලා චෝදනා එල්ල කළාට අද සුළුතරයකින් හරි ජනාධිපති බවට පත්වෙලා සිටින්නේ ඔවුන්ගේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ආරක්ෂක හමුදා, පොලිසිය මේ සියලු නිතිය ක්‍රියාත්මක වන ආයතන එතුමාගේ යටතේ කටයුතු කරන්නේ. තවදුරටත් මාධ්‍ය සංදර්ශන තියලා ජනාතාවට මාධ්‍ය සංදර්ශන පැවැත්තුවාට වැඩක් නැහැ. ඔවුන් මේ රටේ ජනතාවට දිගින් දිගටම කියා සිටියේ මේ රටේ දේශපාලඥයෝ හොරකම් කරනවා, මේ රටේ වංචා දූෂණ වෙනවා කියලා. හැබැයි අපි දකිනවා පහුගිය කාලයේ ඒ මාධ්‍ය සංදර්ශන පවත්වපු පුද්ගලයෝම රාජ්‍ය බලය ලැබිලා , රටේ සියලු බලතල ඔවුන් සමඟ තියාගෙනත් නැවතත් මාධ්‍ය සංදර්ශන තියලා පරණ දේම කරනවා. ආණ්ඩු පක්ෂයේ සිට ඔබලාට මාධ්‍ය සංදර්ශන තිබීම නොවේ කළයුත්තේ, වහාම යම්කිසි තැනක වරදක් , හොරකමක් වෙලා තිබෙනවානම් ඒ පුද්ගලයින්ට එරෙහිව අදාළ පැමිණිලි සිදුකරලා පොලිස් විමර්ශන කර ඔවුන්ව අත්තඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලයේ ඔවුන් රාජපක්ෂලා හොරකම් කළා, උගන්ඩාවට මුදල් විශාල ප්‍රමාණයක් යැව්වා කිව්වා. කරුණාකරලා ඒ අදාළ සාක්ෂි සොයලා වහාම විමර්ශන ඒකකයක් දාලා මේ පිළිබඳව සොයන්න. කරුණාකරලා දැන්වත් විපක්ෂයේ කාර්ය භාර්යයෙන් මිදිලා ආණ්ඩු පක්ෂයේ කාර්ය භාර්යයට එන්නැයි වැඩිදුරටත් කියා සිටියා.

Previous articleඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සුබපැතුම් රැගෙන ජනපති හමුවෙයි
Next articleතෙල් මිල එකපාර, එකසිය ගණන් දෙසීය ගණන් වලින් අඩුකරන්න බෑ – ඇමති විජිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here