Home අද ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සුබපැතුම් රැගෙන ජනපති හමුවෙයි

ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සුබපැතුම් රැගෙන ජනපති හමුවෙයි

1520
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

Previous articleමන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ හොයලා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
Next articleමාධ්‍ය සංදර්ශන නවත්වා රාජපක්ෂලා හොරකම් කළා කියපු සල්ලි ගැන හොයන්න – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here