Home අද පොහොර, ධීවර සහනාධාර මැතිවරණයෙන් පසුව දෙන්න – මැතිවරණ කොමිසම කියයි

පොහොර, ධීවර සහනාධාර මැතිවරණයෙන් පසුව දෙන්න – මැතිවරණ කොමිසම කියයි

870
0

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබේ.

මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේ මෙවැනි සහනාධාරයක් ලබා දීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත්තේ යැයි මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, අදාළ රාජ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දු මහ මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ යැයි ද මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා රැස් වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන තිබේ.

මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ පසුගිය 26 වන දා ය.

Previous articleOTP ගැන පොලිසියෙන් දුන් රතු නිවේදනය
Next articleදළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට 6%ක් එකවර වෙන්කිරීම දැනට අපහසුයි – අගමැති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here