Home අද ජනාධිපති සමාව දෙන්න කියලා නාලිකාවකින් ආපු යෝජනාවක් මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කළා

ජනාධිපති සමාව දෙන්න කියලා නාලිකාවකින් ආපු යෝජනාවක් මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කළා

710
0

මරණ දණ්ඩනය නියමව ඇති පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රෑපවාහිනා නාලිකාවක් තමාගෙන් ඉල්ලීම් කළ බවත් එය ප්‍රතික්ශේප කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යුත් මාධ්‍ය වල මාධ්‍යවේදීන්  සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී මේබව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර ගොඩක් හොද අය ඉන්නවා. හොරකම්කරන්නේ නැති අය ඉන්නවා. නමුත් මේ ඔක්කොම හොරු කියලා චෝදනාව මාධ්‍යයෙන් කරනවා. දැන් බලන්න එක මාධ්‍යයකින් මාව ප්‍රචාරය කරන්නේ නැහැ මොකද ඔවුන්ට ඔනේ ජනාධිපති සමාව දෙන්නේ නැති නිසා. කිසි කෙනෙක් ඒගැන කතාකරලා තියෙනවා. මගේ ඡන්ද ව්‍යාපාරයට පහරගහනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව ගිහින් වැඩකරන්න කියලයි එයාලා ඉල්ලන්නේ. එක අපේක්ෂකයෙක් පොරොන්දුව දීලා තියෙනවා. දේශපාලඥයෝ අමතක කරන්නකො. දේශපාලඥයින්ට දුෂණය හොරකම කරන්න මාධ්‍ය පොළඹවනවා. උදාහරණයක් තමයි මම ඒ කිව්වේ. මේක වැරදියි කියලා කවුරුත් කතාකරලා නැහැ. මේ ඡන්දයේ වෙන ලොකුම දුෂණය එකයි. හොරු ආරක්ෂාකරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙතනින්

 

Previous articleඅපේ අමාරුම කාලය ඉවරයි – ජනපති
Next articleමැතිවරණ නීතිය නොතකා හර්ෂ ද සිල්වා තවමත් ප්‍රචාරණයේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here