Home අද සජිත් හිරුයි නාමලුයි එක්ක තියෙන ඩීල් එක තලතා හෙළිකරයි

සජිත් හිරුයි නාමලුයි එක්ක තියෙන ඩීල් එක තලතා හෙළිකරයි

974
0

ඩීල් දේශපාලනය සිදු නොකරන බව පවසන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙන්ම හරි නාළිකාව සමඟ ඇතිකරගෙන තිබෙන ඩීල් මොනවාද යන්න රටට හෙළිකළ යුතුව ඇති බව හිටපු අමාත්‍ය තලතා අතුකොරාළ මහත්මිය ප්‍රකාශ කළාය.

මහනුර පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට එක්වෙමින් ඇය මේබව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළාය.

“මට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් කාරණා දෙකක් අහගන්න ඔනේ. මම විශ්වාස කරනවා එතුමා මාව ඔනේවටත් වඩා අදුරන හින්දා මේ දෙකටම එතුමා උත්තර දෙයි කියලා.

පළවෙනි කාරණය රාජපක්ෂලාත් එක්ක ගිවිසුම් ගහගත්තා කියන හොරු රකිනවා කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන බොරු ප්‍රචාරණය කරපු සමගි ජනබලවේගයේ අය උත්තර දෙන්න ඔනේ සජිත් නාමල් සමඟ තිබෙන ගිවිසුම මොකක්ද කියලා උත්තර දෙන්න අවශ්‍යයි.  සජිත් ප්‍රේමදාස කියන්නේ එතුමට ඩීල් නැහැ කියලා . මම අහනවා මිත්‍රවරුනි හිරු නාළිකාව එක්ක තියෙන ඩීල් එක මොකක්ද කියලා. මේවා තමයි අපි අහන්නේ. කරුණාකරලා මේවට උත්තර දෙන්න.

රට දිනවන්න අපි එකතුවෙලා තියෙන්නේ කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව. පක්ෂවලට බෙදිලා කුහකකමින් බලය ලබාගන්නට උත්සහ කරන්නේ කුහකයෝ කියලා මම බොහොම පැහැදිලිව කියනවා.” යනුවෙන් සඳහන් කළාය.

Previous articleසජිත්ගේ මඩ ප්‍රචාර වලට ජනපති පිළිතුරු දෙයි – මම ඉල්ලා අස්වෙන මිනිහෙක් නෙවෙයි
Next articleපුද්ගලික අංශයේ අවම වැටුප සියයට 40කින් ඉහළට – වැටුප් වැඩිවීම සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here