Home අද  සජබෙ අයට වැරදුන තැන තලතා මතක්කර දෙයි – දිනන්නේ රනිල් ම තමයි

 සජබෙ අයට වැරදුන තැන තලතා මතක්කර දෙයි – දිනන්නේ රනිල් ම තමයි

1076
0

සමගි ජන බලවේගයේ බොහෝ පිරිස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් එසේ උවද ඊලඟ පාර්ලිමේන්තුමේන්තුවේ මන්ත්‍රී ධුරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් සජබය තුළට ගාල් වී සිටින බවත් හිටපු අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.

ජනපති ජනහමුවට අද(12දා) කැස්බැවේදී එක්වෙමින් අතුකෝරාළ මහත්මිය මේබව  පැවසු අතර මෙසේද කීවාය,

“අපිව කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න විදිහ, දේශපාලනයේදි හරිදේ වෙනුවෙන් පෙනී සිටින්නට කියලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අද මම වගේ විශාල පිරිසක් සමගි ජනබලවේගය තුළ ඉන්නවා. හැබැයි අද ඒ අය නැවත කල්පනා කරනවා ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යන්නේ කියලා. ඒ අය වරද්දගත්තු තැන ඒක තමයි. පාර්ලිමේන්තු යන්න පුළුවන් හැබැයි මීට වසර දෙකකට කලින් රට තිබුණු තැනින් ගොඩ ගන්න දායක වුණේ කවුද කියලා අමතක කරන්න එපා.

මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කරන මැතිවරණයකට වැඩිය පුංචි මිනිස්සුන්ගේ හෙට දවස තීරණය කරන මැතිවරණය. මගේ ඉතිහාසයේ මම නායක‌යෝ දෙන්නෙක් එක්ක වැඩ කරලා තියෙනවා. මම මොන පක්ෂයේ හිටියත් මගේ නායකයා ලෙස හැමදාම සැලකුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මම ඒ වෙනස දැක්කා.

අපි දැනගෙන හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර හිටියනම් මේ මැතිවරණයේදී එතුමගෙ ඡන්දය ලැබෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඒකට හේතුව අද පවුලේ උදවියට අමතක වුණාට 1991  එදා එතුමාව ඉවත් කරන්න දෝශාභියෝගක් අරගෙන ආව වෙලාව එතුමාව ආරක්ෂාකරගන්න එතුමාට සහය වුනේ සියලුම නායකත්වය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. පොරොන්නදු දෙන එක ලේසියි. නමුත් පොරොන්දු දේශපාලනයක් නැතිව රට අර්බුධකාරී අවස්ථාවක රට භාරඅරගෙන යථාතත්වයට පත්කලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ යුතුකම අමතක කරන්න එපා කියලා මම ඉල්ලා සිටින්න කැමතියි.”

Previous articleටයිම්ස් උසස් අධ්‍යාපන පාසල ජනපති අතින් විවෘත කෙරේ
Next articleමාලිමාවට ඡන්දෙ දුන්නොත් ඩොලරය කඩා වැටෙන හැටි ජනපති සරලවම කියා දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here