Home අද මිනිස්සුන්ට වතුර දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන සීයක්.! ජනපතිට ස්තූතියි...

මිනිස්සුන්ට වතුර දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන සීයක්.! ජනපතිට ස්තූතියි – ජීවන් තොන්ඩමාන්

597
0

ශ්‍රී ලංකාවේ ජල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට සහ තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිපත්ති මත පදනම්ව ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජල සම්පත් දේශගුණික විපර්යාසවලට අනුවර්තනය කිරීමට සහ ජල යටිතල ව්‍යුහයේ ඇති දුර්වලතා හඳුනාගැනීමට මෙම මුදල භාවිතා කිරීමට නියමිතව ඇති බව සඳහන්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදී ඇති ඩොලර් මිලියන 100 මඟින් මේ වනවිට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කළ හැකිබවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් කියා සිටියා

තමන් අමාත්‍යවරයාව සිටියදී ජල ක්ෂේත්‍රයේ වඩාත්ම පරිවර්තනීය ප්‍රතිසංස්කරණ කිහිපයක් ආරම්භ කිරීමට සහ ලබා දීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් සතුටුවන බව පැවසු අමාත්‍ය ජීවන් තොන්ඩමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් කෙරෙහි තැබූ විශ්වාසය නොවන්නට මෙය කළ නොහැකි බව සඳහන් කර තිබෙනවා.

Previous articleසිංහල බෞද්ධ සළකුණ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමිගේ පූර්ණ සහය ජනපතිට
Next articleඋන්ම හරක් කියපු පොහොට්ටුවේ මිනිස්සු දැන් ඡන්දේ දෙන්නේ උන්ටලු – උන්ට මොකටද හරක්ගේ ඡන්දේ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here