Home අද  එක පැයක් මගහරින්නේ නෑ,ක්ෂණිකව අපි දිවුරුම් දීලා,පාර්ලිමේන්තුව විසුරවනවා”- අනුර කුමාර

 එක පැයක් මගහරින්නේ නෑ,ක්ෂණිකව අපි දිවුරුම් දීලා,පාර්ලිමේන්තුව විසුරවනවා”- අනුර කුමාර

830
0

බලයට පත්වු විගසම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ තිබේ.

තඹුත්තේගම පැවති ජනහමුවකදී අනුර කුමාර දිසානායක මහතා මේබව ප්‍රකාශ කළේය.

“මේ රට සැප්තැම්බර් මාසේ 21 දා අපිට භාරදෙන්න. අපි එකින් එන මේක වෙනස් කරන්න පටන්ගන්නවා. 21 දා ප්‍රතිඵල එනවා ‘එක පැයක් මගහරින්නේ නෑ,ක්ෂණිකව අපි දිවුරුම් දීලා,පාර්ලිමේන්තුව විසුරවනවා. මොකද තව දුරටත් මේ හොරුන්ට වංචාකාරයින්ට අපරාධකරුවන්ට එක දිනක්වත් පාර්ලිමේන්තුවේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. මාස එක හමාරක් ඇතුළත පාර්ලිමේන්තු ඡන්දෙ තියෙනවා. තමුන්නාස්ලො අතට බලය එනවා. මම ඒ අය තාවකාලිකව ගෙදර යවන්නම්. මහඡන්දයෙන් ඒ අයව ස්ථීරවම ගෙදර යවන්න ඔබතුමාලා තිරණය කරන්න. අපි ආරමභයක් අරගෙන දෙන්නම්.

වංචනිකයින් නොවන අයගෙන් දුෂිතයින් නොවන අයගෙන් විෂයන් පිළිබඳ අවබෝධයක් තියෙන අය‌ගෙන් විනයක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තු එවන්න. ඇත්ත මිනිස්සුන්ගෙන් මහ ඡන්දෙදි පාර්ලිමේන්තුව පුරවන්න.

අපි බලය අරගෙන අත්හරින්න පටන් ගන්නවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමවැටුප අහෝසි කරනවා. රටක් හඳන්න අත්හරින්න පටන් ගන්න ඔනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන පර්ම්ට් නතරකරනවා. ඇමතිවරු 25 යි. ඊට වඩා ඇමතිවරු නැහැ. විශ්‍රාම ජනාධිපතිවරුන්ගේ දීමනා නිවාස අහෝසියි.  ඒ නිසා අපි එන්නේ රටවෙනුවෙන් ගොඩක් දේවල් අත්හරින්න.” යැයි ප්‍රකාශ කළේය.

Previous articleමහින්දගේ පෝස්ටර් ටික ගැහැව්වේ අපි – බැසිල් තාම සල්ලි දුන්නේ නෑ – අනුර
Next articleමාලිමා ආණ්ඩුවක් ආවොත් ඩොලරය රුපියල් 425කට යනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here