Home අද සියළු වැඩ වර්ජන අපි නැවැත්තුවා – ඔක්කොම ඡන්ද වැඩවලට යොදාගත්තා

සියළු වැඩ වර්ජන අපි නැවැත්තුවා – ඔක්කොම ඡන්ද වැඩවලට යොදාගත්තා

1317
0

රටතුළ පවතින සියළු වැඩවර්ජන නවත්වා මාලිමාවේ ඡන්ද වැඩවලට එක්වන ලෙස වෘත්තිය සමිතිවලට ආරාධනා කළ බවත් ඔවුන් එය පිළිගත් බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ  සභාපති අන්තර් සමාගම් සේවක සංගමයේ අනුශාසක කේ ඩී ලාල්කාන්ත මහතා පැවසීය.

අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි මහ සමුළුවට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මේවනවිට රටේ කිසිදු වැඩවර්ජනයක් නොමැති බවත් ඔවුන් සියලු දෙනා මාලිමාව දිනවීමේ අරගලයේ යෙදී සිටින බවත් ප්‍රකාශ කළේය,

අපිට සටන් බිම් ගොඩයි. අරගල ගොඩයි. ලංකාවේ අරගලයේදී අරගලකාමීම සටන්කාමීම කණ්ඩායම තමයි අන්තර් සමාගම් සේවක සංගමය. රාජ්‍ය අංශයේ ගොබි බිමේ තව කණ්ඩායම් ඉන්නවා. ඒ සියලු අරගල මේ වෙලෙවේ වෙනසකට ලක්වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ එකම තැනකවත් වැඩවර්ජයන් නැහැ. රටේ උද්ගෝෂණයක්වත් නැහැ. මීට මාස එකහමාරකය විතර කලින් අපි ඉල්ලීමක් කළා සමස්ත වැඩකරන ජනතාවගෙන් අපි ටික දවසකට වැඩ වර්ජන නවත්වමු කියලා. ඒකට විවිධ විවේචනත් තිබ්බා. නමුත් අපිට කියන්න සතුටුයි අපේ රටේ වැඩකරන ජනතාව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ඉල්ලීමට එකඟව සියලු වැඩවර්ජන මේවෙනවිට නවත්වලා තියෙනවා. එහෙම ප්‍රතිචාර දැක්වීම ගැන අපි අපේ ගෞරවය පුදකරනවා. ගොවි අරගල රාජ්‍ය අංශයේ අරගල පෞද්ගලික අංශයේ අරගල ශිෂ්‍ය ව්‍යාපාර අරගල මේ සියල්ල අපි එක අරගල භුමියකට හරවලා තියෙනවා.  ඒතමයි මැතිවරණ අරගල භුමිය. මැතිවරණ අරගලය විතරයි අපිට දිනන්න බැරිවුනේ. අනිත් ඔක්කොම අරගල අපි දිනුවා. කතිර අරගලය අපිට දිනන්න ලැබුණේ නැහැ. ආයතනයක් ඉස්සරහා උද්ගෝෂණය කරන එක , වැඩ වර්ජනය කරන එක , බැනර් එකක් අල්ලගෙන ඉන්න එක පාරට බැහැලා පෙලපාලියක් යන එක පිකටින් බෝඩ් අල්ලන එක මේ සියල්ල අපි දැන් හරවලා තියෙනවා මැතිවරණ සටන් භුමියට.” යැයි සඳහන් කළේය.

Previous articleලැයින් කාමර ක්‍රමය අහෝසිකරනවා -ජනපති රනිල්
Next articleදස වසරකට පසු ශ්‍රී ලංකාව එංගලන්තයේදී දිනයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here