Home අද ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ජවිපේ කරන්න යන දේ අරුන්දික හෙළිකරයි

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ජවිපේ කරන්න යන දේ අරුන්දික හෙළිකරයි

625
0

ජනාධිපතිවරණයේ පරාජය පිළිනො‌ගෙන පරාජයෙන් පසුව යළිත් රට තුළ කලබලකාරී තත්වයක් ඇති කිරීමට යම් පිරිසක් සුදානම් වන බව වාර්තාවී ඇති බවත් මෙම තත්වය පරාජය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද(04දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට තරුණයින්ගේ මොළ හෝදමින් සිදුකන මෙම කටයුත්ත වැළැක්විය යුතු බවත් එම පිරිස් බලයට ඒම වැළැක්වීම සඳහා කළ හැකි සියලු දේ සිදුකිරීමට කටයුතු කරන බවත් අරුන්දික මන්ත්‍රීවරයා කීවේය.

එමෙන්ම මෙම අශුද්ධ සන්ධානය පරාජය කිරීමට කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා සමග එකතුවෙන ලෙස විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එහෙන්ම අද දින සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව තමා කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය

“දිනනවද පරදිනවද කියන දේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය . අපිට දිනන්න පුළුවන් පරදින්න පුළුවන් එක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නේ. අපි පැරදුනොත් අයින් වෙනවා. පැරදුනාට පස්සේ ඒක පිළිගන්නේ නැතිව ගෙවල් ගිනි තියන්න අරගල කරන්න පාර්ලිමේන්තුව ගිනි තියන්න කතාකරනවානම් මේ විනාශකාරි කණ්ඩායම පරාජයට පත්කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒවගේම මම කියන්න කැමතියි පුළුවන්ම් විපක්ෂනායකතුමා ජනාධිපතිතුමා සමඟ එකතුවෙන්න. ඒවගේම‌ මේ අශුද්ධ සංධානය පරාජයට පත්කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා කියලා මම කියන්න කැමතියි.” යැයි ප්‍රකාශ කළේය.

Previous articleජනාධිපතිවරණයේදී සජිත් කරන්නේ මනමේ කුමාරි කරපු වැඩේ – ජනපති
Next articleදෙමළ පක්ෂ අනුරට සහය නොදෙන්න තීරණය කළ හේතුව සුමන්තිරන් හෙළිකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here